යූරියා මෙට්‍රික් ටොන් 16,273ක් ගොවීන්ට බෙදා දී අවසන්

ඉන්දීය රජය විසින් දුන් යූරියා පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 16,272.59ක් පෙරේදා (24) වන විට දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ ගොවිජනතාවට බෙදා හැර තිබේ.

ඒ අනුව පෙරේදා වන විට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,272.59ක් ගොවිජනතාව වෙත බෙදා හැර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

කෘෂිකර්ම ඇමැතිවරයා විසින් පෙරේදා (24) දිනය පුරාම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථානවල යූරියා පොහොර නිකුත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කරනු ලැබීය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළ කරුණු අනුව මෙවර යල කන්නයේ වී වගාව සඳහා දී ඇති වැඩිම යූරියා පොහොර ප්‍රමාණය දී ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට වන අතර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5,380.50කි. උතුරුමැද පළාතටම නිකුත් කර ඇති යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6,710.75කි.

Leave a Reply

Your email address will not be published.