ජනපති රනිල් සියලු පුරවැසියන්ගේ අපේක්ෂා ඉටු කරනවා

අගමැති මෝදි සුබ පතමින් කියයි

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකාවේ සියලු පුර වැසියන්ගේ අපේක්ෂාවන් සපුරාලීමටත් රටේ ආර්ථික ස්ථායිතාවය ඇති කිරීමටත් හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවිඩයක් ඒවමින් සඳහන් කරයි.

දෙරට ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා මෙන්ම දෙරට අතර පැරණි සමීප සහ මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවත් අගමැති මෝදි මහතා සඳහන් කරයි. ඒම සුබ පැතුම් පණිවිඩය මෙසේය.

ඔබ ශ්‍රී ලංකාවේ 8 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳ මගේ සුබ පැතුම් පිරිනමමි.

ශ්‍රී ලංකාවට තීරණාත්මක මොහොතක ඔබ රටේ උසස් නිලය භාරගෙන ඇත. ඔබගේ ධුර කාලය ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ අපේක්ෂාවන් සපුරාලීමට මෙන්ම ආර්ථික ස්ථායිතාව පෝෂණය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම, ආයතන සහ ව්‍යවස්ථාපිත රාමුව හරහා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා වන ගවේෂණයට ශ්‍රී ලංකාවේ සමීප මිතුරකු සහ අසල්වැසියකු ලෙස ඉන්දියාවේ අඛණ්ඩ සහාය ලැබේ.

Leave a Reply

Your email address will not be published.