ඉන්ධන ජාවාරමුන් අල්ලන පොලිස් නිලධාරීන්ට සන්තෝසම්

50,000 සිට ලක්ෂ 3 ඉක්මවන මුදල් ත්‍යාග

නීති විරෝධීව ඉන්ධන රැස් කර වැඩි මිලට අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මුල්වන පොලිස් නිලධාරීන්ට රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂ 3 ඉක්මවන මුදල් ත්‍යාග ලබාදීමට පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ. ඒ අනුව පෙට්‍රල් හෝ ඩීසල් ලීටර් 100 දක්වා අත්අඩංගුවට ගන්නා නිලධාරීන්ට රුපියල් 50,000ක තයාග මුදලක්ද, ඉන්ධන ලීටර් 100ත් 500ත් දක්වා අත්අඩංගුවට ගන්නා නිලධාරීන්ට රුපියල් ලක්ෂ 02ක මුදලක්ද, ඉන්ධන ලීටර් 500ත් 1000ත් දක්වා ඉන්ධන අත්අඩංගුවට ගන්නා නිලධාරීන්ට රුපියල් ලක්ෂ 03ක මුදලක්ද වශයෙන් එම ත්‍යාග මුදල් ලබාදීමට නියමිතය.

ඉන්ධන ලීටර් 1000කට වැඩි ප්‍රමාණයන් අත්අඩංගුවට ගැනීම්වලදී ඊට අදාලව ත්‍යාග මුදල් ලබාදීමටද තීරණය වී තිබේ.

මෙසේ ත්‍යාග ලෙස පොලිස් නිලධාරීන්ට ලැබෙන මුදල ඉන්ධන ලීටරයක වෙළෙඳපොළ මිලට වඩා ඉහළ අගයක් වීම විශේෂිතය.

උද්ගතව පවතින ඉන්ධන හිඟය හේතුකොටගෙන දිවයිනේ සෑම ප්‍රදේශයකම පවතින අධික ඉන්ධන ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් පුද්ගලයින් විසින් නීති විරෝධිව ඉන්ධන රැස් කිරීම් සහ වැඩි මිලට විකිණිම් හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවන්ට පත්වීම් වැළැක්වීමට ඉන්ධන වැටලීම් ධෛර්යමත් කිරීමට මෙම පියවර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.