නිදහස් මාධ්‍යවේදී ඇන්තනී වේරංග පුෂ්පික ව සිවිල් පිරිසක් විසින් පැහැර ගැනෙයි

නිදහස් මාධ්‍යවේදී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සහ රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනී වේරංග පුෂ්පික ව සිවිල් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනව බව වාර්තා වනවා.
කොළඹ කොටුවේ පැවති විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වී වෙනත් ගමනක් යාම සඳහා බස් රියකට ගොඩ වැදී සිටිය දි යි ඔහු ව මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ.
මෙම පැහැර ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පුදගලයන් 6 දෙනෙකු පැමිණ ඇති බවත් එම සිදුවීම නීතීඥ නුවන් බෝපගේ ඇතුළු පිරිසක් ඇසින් දැක ඇති බවත් සඳහන්.

Leave a Reply

Your email address will not be published.