නීති විරෝධී ලෙස විදෙස්ගතවීමට තැත් කළ 07 දෙනෙකු අත්අඩංගුවට

නිති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ විදෙස්ගත වීමට පැමිණි පුද්ගලයින් 07 දෙනෙකු සහ එම ජාවාරමට සම්බන්ධ දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශයේ දී අද අලුයම මොවුන් අත්අඩංගුවට ගත් බව යි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් මඩකලපුව, ත්‍රිකුණාමළය, ජාඇල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම පිරිස අතර කුඩා දරුවන් තුන් දෙනෙකු ද සිටින බව යි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.