ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක් ගොඩනැගීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන් තීරණයක් ගෙන තිබේ.
මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින සෙසු මන්ත්‍රීවරුන් ද මෙම පෙරමුණ සඳහා එක් කර ගැනීමට නියමිත ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව සමග ගමනක් යාමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති නිසා මෙම පුළුල් පෙරමුණ ඉතා කඩිනමින් පිහිටුවීමට කටයුතු කරන බව ද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
මෙම නව පෙරමුණ හා සම්බන්ධවීමට නියමිත කිසිදු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර ගැනීමට අදහස් නොකරන බව ද නානායක්කාර මහතා පැවසීය.
මුදල් අමාත්‍යංශයේ ඊයේ (ජූලි 26) පැවැති ආණ්ඩු පක්‍ෂ “ගෘප් මීටින්” එකකට සහභාගි වන ලෙස කාන්තාවක් තමාට දුරකතන ඇමතුමක් ලබාදුන් නමුත් තමා ඒ සඳහා සහභාගි නොවූ බව ද නානායක්කාර මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.