පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක්

පිලිපීනයේ ප්‍රධානතම සහ වාඩාත් ජනප්‍රිය දූපතවන ‘ලුසොන්’ හි ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. 

එමගින් පුද්ගලයන් සිව් දෙනෙකු මිය ගොස් තවත් 60ක පමණ පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘ලුසොන්’ දූපතේ වඩාත් ජනාකීර්ණ ‘අබ්‍රා’ පළාතේ මෙම භූමිකම්පනය සිදුව ඇත. එය මැග්නිටියුඩ් ඒකක 7.1ක් ලෙස සටහන්ව තිබේ. 

මෙහි ප්‍රබලත්වය මැනිලා අගනුවරට ද දැනී තිබේ. මැනිලා අගනුවර ගොඩනැගිලි රැසක් සෙලවෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. 

Leave a Reply

Your email address will not be published.