යල කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිල දී ගැනීමට පියවර

මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා රුපියල් මිලියන 10,500ක් වැය කිරීමට යෝජිත අතර ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ලබා ගැනීමට නියමිත යි.

වී කිලෝවක් සඳහා මිල තීරණය කිරීමේ දී ගොවීන්ට හෙක්ටයාර එකකට වී වගාව සඳහා වැය වන මුදල කොපමණදැයි සොයා බැලීමෙන් පසු වී කිලෝවක මිල තීරණය කරන ලෙසට අමාත්‍යවරයා ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.