හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය පිළිබඳ ප්‍රකාශය අද (27) වැඩි ඡන්ද 57 කින් පාර්ලිමේන්තුවේදී සම්මතවිය.

අද පෙරවරුවේ සිට පැවති විවාදයෙන් අනතුරුව අද සවස ඡන්ද විමසීමේ දී ප්‍රකාශයට පක්ෂව ඡන්ද 120 ක් සහ විපක්ෂව ඡන්ද 63 ක් ලැබුණි. ඒ අනුව එය වැඩි ඡන්ද 57 කින් සම්මත විය.

ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන පක්ෂ නායකයින් 9 දෙනාගේ කණ්ඩායමද හදිසි නිතියට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයකි. 

අනතුරුව පාර්ලිමේන්තුව 2022 අගෝස්තු 09වැනිදා දක්වා කල් තැබිණි.

Leave a Reply

Your email address will not be published.