ඉන්ධන රැගෙන පැමිණි බවුසර් රථ රියදුරෙකුට සහ එහි සහායකයෙකුට ප්‍රහාරයක් එල්ලවී තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිට කැස්බෑව ඩිපෝව වෙත එලෙස ඉන්ධන රැගෙන ආ බවුසරයේ රියදුරුට සහ සහායකයාට එම ඩිපෝව තුළදී පිරිසක් විසින් එලෙස පහරදී ඇත.
පහරකෑමෙන් තුවාල ලැබූ සේවකයින් දෙදෙනා කළුබෝවිල රෝහල්ගත කළ බව කැස්බෑව පොලීසිය පැවසීය.
පහරදීමට සම්බන්ධ එක් අයෙක් අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළේය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඩිපෝවේම කොන්දොස්තරවරයෙකි.
බවුසරයෙන් ඉන්ධන රැගෙන ඒමෙන් පසු ඉක්මණින් පිටත්කරන ලෙස බවුසරයේ රියදුරා පැවසීමත් සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
රියදුරාට සහ සහායකයාට පහරදුන් පුද්ගලයින් බීමතින් සිටි බවද වාර්තා වෙයි.
පහරදීමට සම්බන්ධ අනෙක් පුද්ගලයා එම ඩිපෝවේම වැඩ තහනමට ලක්වූ බස් රථ රියදුරෙක් බවද අනාවරණය වී තිබේ.