චීනයෙන් ලැබෙන සහායට ලක් රජයේ කෘතඥතාවය

මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා චීනයෙන් ලැබෙන සහාය සම්බන්ධයෙන් ලක් රජය සිය කෘතඥතාවය පළකරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.

චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් තානාපතිවරයා සඳහන් කර ඇත්තේ චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සම්බන්ධයෙන් බටහිර රටවල් විවිධ දේශපාලන අරමුණු මත පදනම්ව ප්‍රකාශ සිදුකරන බවය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේදී ම චීනයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු අනාවරණ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව අවැසි මොහොතේ ඉන්දියාව මනා සහයක් ලබාදීමට ඉදිරිපත්වූ නමුත් ශ්‍රී ලංකාව සහනයක් පතා චීනයට සිදුකළ ආයාචනය සම්බන්ධයෙන් ඔවුන් මුනිවත රකිමින් සිටින බව අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතන ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පවසයි.

ඉන්දියාවේ සංචාරයක නිරත සමන්තා පවර් මහත්මිය ඊයේ නවදිල්ලි නුවර තොරතුරු තාක්ෂණ ආයතනයේ උත්සවයකට සහභාගි වෙමින් මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.