අරගල භූමියෙන් බ්ලැක් කැප් කණ්ඩායම ඉවත්වෙයි

ගාලු මුවදොර අරගලයට සහාය දැක්වු ‘බ්ලැක් කැප්’ ව්‍යාපාරය අද (28) එම අරගල භූමියෙන් ඉවත් විය.

ඔවුන් පවසන්නේ ගාලු මුවදොර අරගලයේ සංඛේතීය ජයග්‍රහණය අත්පත් කරගෙන ඇති නිසා තවදුරටත් එම භූමිය තුළ රැඳීසිටිමින් සිදු කළ හැකි අරගලයක් නැතැයි තමන් විශ්වාස කරන බවය.

මෙතැන් සිට අරගලය ඇත්තේ ගාලු මුවදොර කුඩා බිම්කඩක නොව පුළුල් සමාජ දේශපාලන අවකාශයක් තුළ බව තමන් විශ්වාස කරන බව ඔවුන්ගේ නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව අරගලය ගාලු මුවදොරින් ඔබ්බට ගෙනයාම සඳහා ‘අරගලය 4.0’ නමින් නවමු මුහුණුවරකින් ආරම්භ කරන බව ‘බ්ලැක් කැප්’  ව්‍යාපාරය පවසයි.

Leave a Reply

Your email address will not be published.