QR කේත ක්‍රමය සාර්ථක බව ඇමති කියයි

අද (28) පස්වරු 4 පමණ වනවිට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 801කදී QR කේත ක්‍රමය සාර්ථකව පරීක්ෂා කර භාවිත කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එම වැඩසටහන ඉකුත් 21 වනදා සිට තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී අත්හදා බැලීම ආරම්භ කර තිබුණි.

මේ අතර අද දිනයේ ඉන්ධන පිරවුම්හල් 464කදී ගනුදෙනු 122,496ක් සඳහා QR කේත ක්‍රමය භාවිත කර තිබූ බවද අමාත්‍යවරයා පැවසීය.

ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදය සඳහා පුද්ගලයින් මිලියන 4.4ක් මේ වනවිට ලියාපදිංචි වී තිබේ.

Leave a Reply

Your email address will not be published.