කොටුව පොලිසියට අධිකරණයෙන් නියෝගයක්

ජනපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයා ගෙන පොලීසියට භාර දුන් මුදල් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද(28) කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙයි

පසුගිය 9 වනදා අරගලකරුවන්  ජනපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී එහි තීබී  රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහසක මුදලක් සොයා ගෙන තිබිණි

පසුව එම මුදල් අරගලකරුවන් විසින් කොටුව පොලිසියට භාරදීමට කටයුතු කළහ.

එසේ භාරදී සති තුනක් ගතවී තිබුණ ද එම මුදල් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එලෙස නියෝග කෙරිණි.

Leave a Reply

Your email address will not be published.