ජනපති රනිල්ට බංග්ලාදේශ අගමැතිනියගෙන් සුබ පැතුම්

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂික් හසීනා මහත්මිය, ශ්‍රී ලංකා නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

බංග්ලාදේශ රජය සහ ජනතාව වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සතු අත්දැකීම් සම්භාරය, ප්‍රඥාව සහ දේශපාලන ඥානය ශ්‍රී ලංකාව තුළ අපේක්ෂිත සාමය හා සෞභාග්‍ය ඇති කිරීමට ඉවහල් වනු ඇති බව තමා විශ්වාස කරන බව ද ජුලි 25වැනිදා යොමු කර ඇති ලිපියෙන් සුබ පැතුම් පළ කර ඇත.  

රනිල් වික්‍රමසිංහ මහතා සතු අත්දැකීම් සම්භාරය, ප්‍රඥාව සහ දේශපාලන ඥානය ශ්‍රී ලංකාව තුළ අපේක්ෂිත සාමය හා සෞභාග්‍ය ඇති කිරීමට ඉවහල් වනු ඇති බව තමා විශ්වාස කරන බව ද එම ෂික් හසීනා මහත්මිය සඳහන් කර තිබේ.

මෙම වසරේ, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වසර 50 ක සහයෝගීතාවයේ සහ මිත්‍රත්වයේ 50 වසර සමරයි, එය ඓතිහාසික සම්බන්ධතා, හවුල් වටිනාකම් සහ සංස්කෘතීන්, අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු කරුණු රාශියක් මත පදනම් වූ මිත්‍රත්වයකි.

ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාව සමඟ සහයෝගීතාවයේ සබඳතා දිගටම පවතිනු ඇතැයි ඇය බලාපොරොත්තු වූවාය. “ඒ සඳහා ඔබ සමඟ වැඩ කිරීමට මම බලාපොරොත්තු වෙනවා,” යැයි ඇය ජනාධිපතිවරයා වෙත යොමු කළ සුබ පැතුම් ලිපියෙන් තවදුරටත් පැවසුවාය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු කටයුතු සාර්ථක වේවායැයි ප්‍රාර්ථනා කරන බව ද එම සුබ පැතුම් පණිඩුඩයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published.