විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වෙනුවෙන් ආගමික වතාවත් අද (22) පෙරවරුවේ සිදු කෙරිණි.

ඒ අනුව උදෑසන 10.00 ට පමණ නාවල, විජයබාහු මාවතේ පිහිටි ඇයගේ සංගීත ආශ්‍රමයේදී මහා සංඝරත්නය විසින් පාංශුකූල කටයුතු සිදු කරන ලදී.

ආගමික වතාවත්වලින් අනතුරුව පස්වරු 3.30 දක්වා දේහයට මහජන ගෞරවය දැක්වීම සඳහා අවස්ථාව හිමි වේ.

ඉන්පසුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය රැගත් රිය පෙරහැර බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමට නියමිතය.

අවසන් කටයුතු ප.ව. 5ට සිදුකිරීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published.