ජනපති රනිල්ගේ නිවෙසට ගිනි තැබූ අය මෙන්න

හඳුනාගැනීමට ජනතා සහාය පතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙස ගිනි තබා හානි කිරීමට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතයි.කළහකාරි පිරිස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 03, පස්වැනි පටුමඟේ අංක 119 දරන ස්ථානයේ පිහිටි පෞද්ගලික නිවෙස ගිනි තබා හානි කරනු ලැබුවේ ඉකුත් 9 දාය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිදුවීමට අදාළව ගත් සමීප ආවේක්ෂණ දර්ශන හා විමර්ශනයට අදාළව ගත් වීඩියෝ දර්ශන ඇසුරින් මේ හානි කිරීමට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස පුද්ගලයන් රැසක් හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

නිවැරැදි අපරාධකරුවන් හඳුනා ගනිමින් ඒ අයට එරෙහිව නෛතික පියවර ගැනීම සඳහා ඒ අයගේ ඡායාරූප 14ක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ (27) ජනමාධ්‍ය වෙත නිකුත් කළේය. මේ ඡායාරූපවල සිටින්නන් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 071-8594950, 071-8594929 යන ජංගම දුරකතන අංක වෙත ඇමතුමක් මගින් හෝ වට්ස්ඇප් මගින් දෙන ලෙසත් නැති නම් 011-2422176 යන අංක වෙත ඇමතුමක් දෙන ලෙසත් පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published.