ළහිරු සහ සුගතානන්ද හිමි ට වරෙන්තු

ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙනි.

නීතිවිරෝධී ජන රාශියකට අදාළ නඩුව අද (28) කැඳවනු ලැබූ අවස්ථාවේදී ළහිරු වීරසේකර සහ සුගතානන්ද හිමියන් යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඒ අනුව පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසය.

Leave a Reply

Your email address will not be published.