අමෙරිකානු තානාපතිනිය අගමැති හමුවෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.

ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇත.

රටේ පවතින ආර්ථික අභියෝග ජයගැනීම සඳහා අමෙරිකාවේ සහාය ලබාදිය හැකි ක්‍රම පිළිබඳව මෙහිදී අවධානය යොමුකළ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරිම වෙනුවෙන්  වු  නියමිත ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී දෙපාර්ශව අතර අදහස් හුවමාරු වී තිබේ.

අමෙරිකානු තානාපතිවරිය සිය ට්ව්ටර් පණිවිඩය මඟින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එමෙන්ම යුක්තිය සහ නීතියේ ආධිපත්‍යයට ප්‍රවේශවීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවය.

Leave a Reply

Your email address will not be published.