අඟහරු මතුපිට අමුතු දෙයක්

අඟහරු ග්‍රහයා මතුපිට පැටලුණු නූලක් වැනි අසාමාන්‍ය වස්තුවක් දකින්න ලැ​බේ. මෙම අසාමාන්‍ය වස්තුව, නාසා විද්‍යාඥයන් මවිත කිරීමට සමත් වී තිබේ.

මෙම අසාමාන්‍ය වස්තුව නාසා විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇත්තේ නාසා ආයතනය අඟහරු මතුපිටට යවා ඇති ‘පර්සිවියරන්ස්’ රොබෝ යානය එවූ ඡායාරූපයක් නිරීක්ෂණය කරද්දීය.

මෙම වස්තුව සහිත ඡායාරූපය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වෙද්දී, බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් හාස්‍යජනක ‘කොමෙන්ට්’ කරන්න විය.

අඟහරු මතුපිට ඉතාලි නූඩ්ල්ස් අවන්හලක් තිබුණු බවට සාක්ෂි හමුවුණැයි බොහෝ දෙනා උපහාසයෙන් යුතුව පවසන්න විය.

තමන් තවමත් මෙම අසාමාන්‍ය වස්තුව හදුනා ගැනීමට උත්සාහ ගන්නා බවත් එය පෘථිවියෙන් අඟහරු බලා ගිය යානයකට අයත් පැරැෂූටයක වයරයක් විය හැකි යැයි සැක කරන බවත් නාසා විද්‍යාඥයෝ පවසති.

Leave a Reply

Your email address will not be published.