මර්දනයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබේ

මර්දනයට එරෙහි මහජන පෙළගැස්මක් උදෙසා කොළඹ මහජන මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී වෘර්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන, බහුජන සංවිධාන, දිස්ත්‍රික් ගෝඨාගෝ ගම් සහ විපක්ශයේ දේශපාලන පක්ශ රාශියක්ගේ සහභාගිත්වයෙන් සාකච්චාවක් ගාලුමුවදොර අරගලකරුවෝ විසින් අද පැවැත්වීය. ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ යෝඡනා හා අදහස් දැක්වීම් ද මෙහිදී සිදු වූ අතර මර්දනයට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශණයකට අත්සන් කිරීමද සිදුවිය.

මෙහිදී අදහස් දැක්වු බොහෝ සංවිධාන නියෝජිතයින් අරගලය ඉලක්ක කර ගනිමින් සිදු වන පුද්ගල මර්දණයට කොන්දේසි විරහිතව විරෝධය පළ කරන බව කියා සිටියේය.

ජාතික ජන බළවේගය වෙනුවෙන් අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා කියා සිටියේ මර්දනයට එරෙහිව වැඩපිලිවෙලක් සකස් කර යුතු බවය.පක්ෂයක් වශයෙන් අරගලය තමන්ගෙන් ඉල්ලා සිටින සහයෝගය ගබා දෙනු ලබන බවත් ජාතික ජන බළවේගය වශයෙන්ද වෙනත් විරෝධතා ක්‍රියාමාර්ග වලට මේ වන විටත් තමන් එළඹ සිටින බව පැවසීය.පාර්ලිමේන්තුව ඡනතාව නියෝජනය කරනු නොලබන බවත් එහි ජනතාව මර්දනය කරනු ලබන පනත් සම්මත කරමින් සිටින හෙයින් පාර්ලිමේන්තුවට ප්‍රබල දේශපාලන ප්‍රහාරයක් දියත් කළ යුතු බවද පැවසීය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පොදු එකගතා කිහිපයක් ඉදරියේදී සාකච්ඡා කිරීමට තීරනය කරනු ලැබීය.එනම් දිස්ත්‍රික්/ග්‍රාමීය මට්ටමින් මර්දනයට එරෙහිව විරෝධතා සංවිධානය කිරීම,ජාතික විරෝධතා දිනයක් නම් කිරීම,දැවැන්ත රැළියක් සුදානම් කිරීම,සර්ව ආගමික නායකයින් හා ආරක්ෂක අංශ අරගලය වටා ඒකරාශී කර ගැනීමය.

Leave a Reply

Your email address will not be published.