දොස්තරලා රට යැවීමත් නවතී

විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් විදෙස් රටවලට යැවීම තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

විදේශ විනිමය අර්බුදය නිසා  ඔවුන්ට ගෙවීමට විදේශ මුදල් නොමැති වීම නිසා මෙම තීරණයට එළඹුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයාට  ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

මේ තීරණයෙන්  ඉදිරියේදී සෞඛ්‍ය සේවය බරපතළ අර්බුදයක් කරා යොමුවිය හැකි බව සෞඛ්‍ය සේවයේ නිලධාරීහු  පෙන්වා  දෙති

Leave a Reply

Your email address will not be published.