බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්ර ලබා ගැනීමට ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කර තිබේ.
රට තුළ ඉන්ධන සැපයීම සීමා වීම හේතුවෙන්, සේවාවන් ලබා ගැනීමට මහ ජනතාවට සේවා ස්ථාන වෙත පැමිණීමට පවතින දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්රධාන ලේකම් කාර්යාලය මේ බව පැවසීය.
ඒ අනුව 2022 අගෝස්තු මස 29 වන දා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර තිබේ.