ජනාධිපති 03වැනිදා පාර්ලිමේන්තුව ඇමතීමට සූදානම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 03 වැනිදා නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඇමතීමට නියමිතය.

ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 

ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය අගෝස්තු 03 වැනිදා පෙරවරු 10.30ට ආරම්භවන බව එහි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published.