පැය 11ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (30) රාත්‍රියේ සිට පැය 11ක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ, මෙම ජල කප්පාදුව අද රාත්‍රී 09 සිට පසුදා එනම් හෙට (31) දින උදෑසන 08 තෙක් බලපැවැත්වෙන බවයි.
ඒ අනුව කොළඹ 9,10,11 හා 12 යන කලාපවලට ජල සැපයුම අත්හිටවෙනු ඇති.
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස පැය 11ක කාලයක් ජල සැපයුම විසන්ධි වන බව ද ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරනවා.

Leave a Reply

Your email address will not be published.