කිව්.ආර්. කේතයට හෙට සිට වැඩ

සමස්ත ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වල ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට ඉන්ධන ලබාදීම හෙට (1) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මෙම ක්‍රමවේදයත් සමඟ අවසන් ඉලක්කම මත පදනම් අංක තහඩු ක්‍රමය ඇතුළු අනිකුත් සියලුම ක්‍රමවේදයන් අවලංගු වන බවත් කිව්.ආර්. කේතයට අනුගත ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන තොග ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.