පාර්ලිමේන්තුවට ප්‍රභල දේශපාලන ප්‍රහාරයක් එල්ල කල යුතුයි

අරගලකරුවන් මර්යදනයට එරෙහිව වැඩළිවෙලක් සකස් කල යුතු බවත් පක්ෂයක් වශයෙන් තමන් ඉල්ලා සිටින සහයෝගය ලබා දීමට සුදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පවසයි.

තමන් ඊට පරිබාහිරව පක්ෂයක් හා බළවේගයක් වශයෙන් මර්දනයට එරෙහිව විවිධ පියවරයන් සංවිධානය කර තිබෙන බවත්, මේ සදහා ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව පැවසීය.

අරගලයට මුලික වශයෙන් බල කනු දෙකකින් ප්‍රහාර එල්ල කරනු ලබන අතර එම බල කනු වන්නේ ජනාධිපති හා පාර්ලිමේන්තුව බවත් තම මුලික දැක්ම අනුව මෙයින් එකකට පහර දී මෙන් පලක් නොවන අතර ඒ නිසා ජනාධිපතිට මෙන්ම පාර්ලිමේන්තුවටද ප්‍රභල දේශපාලන ප්‍රහාරයක් එල්ල කල යුතු බව හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුව අතහැර අරගලයට ඉදරියට යා නොහැකි බවත් මෙහිදී ලාල්කාන්ත මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published.