IMF සමග ගිවිසුම්ගතවීම කල් යාමට හේතුව

රටේ පසුගිය සති කිහිපය තුළ පැවති නොසන්සුන්තා හේතුවෙන් ජාත්යන්තර මූල්ය අරමුදල සමග ඇතිකර ගැනීමට තිබූ ගිවිසුම සැප්තැම්බර් දක්වා කල් දැමීමට සිදුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රරමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තමා අග්‍රාමාතයධූරයට පත්වීමෙන් පසු ජ්‍යාත්තරය මුල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා අනුව අගෝස්තු මස පළමු සතිය තුළ ගිවිසුම් ගතවීම සඳහා එකඟතාවයකට පැමිණ තිබූ කෙසේවෙතත් සමාජ නොසන්සුන්තාවයන් සහ දේශපාලන අස්ථාවරත්වය මත ජ්‍යාත්තරය මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීම මසකින් පමණ ප්‍රමාද වූ බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.ඊයේ (30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී මහනුවර දිස්ත්‍රිරික්කයේ එක්සත් ජාතික පක්ෂ, පොදුජන පෙරමුණු මන්ත්‍රීව හිටපු පළාත් පාලන නියෝජිතයින් සහ ආසන සංවිධායකවරුන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රරමසිංහ මහතා මෙම අදහස් පළකළේය.යල්පැනගිය ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට නව ආර්ථික ප්‍රතිපත්තියක වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රරමසිංහ මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.