ඉන්ධන අක්‍රමිකතා කළොත් කියන්න අංකයක්

ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට පරිබාහිරව සිදුවන අක්‍රමිකතා ඡායාරූප සහ රූපරාමු ලෙස 0742123123 යන දුරකථන අංකයට උය්එි්චච හරහා යොමු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

බලශක්ති අමාත්‍යයේ නියමයන් අනුව ක්‍රියාත්මක නොවන පිරවුම්හල් සහ කාර්ය මණ්ඩල, නීති විරෝධී ඉන්ධන එකතු කිරීම්, ව්‍යාජ කිව්.ආර්. කේත සහ වාහන ලියාපදිංචි අංක මුද්‍රණය කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳ ඡායාරූප, වීඩියෝ සහ තොරතුරු ලෙස එම දුරකථනයට යොමු කළ හැකි බවත් එම තොරතුරු පරීක්‍ෂණ සඳහා පොලිසියට ලබාදෙන බවත් අමාත්‍යවරයා කීය.

අදාල ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් වන තෙක් කිව්.ආර්. කේත ඉන්ධන ලබාදීම අත්හිටුවන බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.