2014 ජූනි මස 01 දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු ලාන්ස් කොප්‍රල් මරියලුජිසන් 12 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අනුයුක්ත කිරීමෙන් අනතුරුව එහි සේවය කරමින් සිටියදී, මුරිකන්ඩි ප්‍රදේශයේදී 2026 අප්‍රේල් මස 19 වන දින සිදුවූ දුම්රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා තිබුණි.
අනතුරෙන් පසු ඔහු යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය සෙබළාට අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදා ජේෂ්ඨ නිලධාරීන්, සෙබළුන්, ප්‍රදේශවාසීන් ඥාති මිත්‍රාදීන් විශාල පිරිසක් සහභාගී වූහ.


