ගාලු මුවදොර වෙරෙළ තීරයේ තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, වයස අවුරුදු 40ක් පමණ වන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (අගෝස්තු 1) පෙරවරුවේ මෙලෙස හමු වී ඇති බව ය.
අදාළ මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය වැඩිදුරට ත් පැවසීය.
මීට දින කිහිපයකට ඉහතදී ද තරුණයෙකුගේ මළ සිරුරක් ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩගසා තිබුණු අතර එලෙස ජීවිතක්ෂයට පත් වී තිබුණේ පන්නිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.