රට හාල් ගැන හොයන්න කමිටුවක්

සහල් ආනයන කිරීම තාවකාලිකව අත්හිටුවීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට කළ යෝජනාව  සම්බන්ධව  කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කර තිබෙි.

 කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා වෙළෙඳ  අමාත්‍යාංශයේ  ලේකම්වරුන් මෙන්ම මහා භාණ්ඩාගාරයේ නිලධරීන් මෙම කමිටුවට ඇතුළත්ය.

මීට අමතරව වී අලෙවි මණ්ඩලයේ මුදල් යොදාගනිමින් යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමට ද තීරණය කළ බව කෘෂිකර්ම  අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.