‘‘සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපේ සහාය‘‘

ජාතික ගැටලූව විසඳා ගැනීමට නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවීම අත්‍යවශ්‍ය බැවින් එවැනි ආණ්ඩුවකට තම පක්ෂය පුර්ණ සහයෝගය දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නැයි ඉල්ලමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලූ මන්තී‍්‍රවරුන් වෙත යවා තිබු ලිපිය පිළිබඳව  අදහස් දක්වමින් සම්බන්දන් මහතා මේ බව සඳහන් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරමින් ජනාධිපතිවරයා සියලූ මන්තී‍්‍රවරුන්ට යැවු ලිපිය අපටත් ලැබුණා. එම ලිපිය මම බැලූවා. නමුත් තවමත් එයට මම පිළිතුරක් යැව්වේ නැහැ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට නියමිත සමුළුවට අප සහභාගිවීමටත් එයට පුර්ණ සහයෝගය ලබාදීමටත් තීරණය කර තිබෙනවා.

රටේ ප‍්‍රශ්න මෙන්ම ජනතා ප‍්‍රශ්න විසඳා ගැනීමත් මේ අවස්ථාවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ඉතා වැදගත්. රටේ පවතින ආර්ථික ගැටලූ, දේශපාලන ගැටලූ මෙන්ම සාමාජීය ගැටලූ විසඳා ගැනීමට මේ අවස්ථාවේ අපට ලබාදිය හැකි පුර්ණ සහයෝගය ලබාදෙනවා.

Leave a Reply

Your email address will not be published.