ගංවතුරින් නුවරඑළියට වෙච්ච හානිය දිසාපති හෙළි කරයි

ගංවතුර තත්වය හේතුවෙන් අද (2) දහවල් 12.00 වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ   තිදෙනකු මියගොස් සිවු දෙනකු අතුරුදන්ව සිටින අතර පවුල්  254ක් අවතැන්ව  සිටින බව  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්  නන්දන ගලබොඩ මහතා ලංකාදීපයට පැවැසීය.

අවතැන් වූ එම පවුල් වල සාමාජිකයන් ගණන 648 ක් බවද  දිස්ත්‍රික් ලේකම්වරයා  ප්‍රකාශ කළේ‍ය.

මීට අමතරව පූර්ණ නිවාස හානි එකක්ද  අර්ධ නිවාස හානි එකසිය හැට අටක්ද වාර්තාවී  ඇති බව නන්දන ගලබොඩ මහතා පැවැසීය .

ගංවතුර තත්ත්වය  හේතුවෙන් ආපදාවට ලක්ව  ඇත්තේ කොත්මලේ, අඹගමුව, නුවරඑළිය සහ තලවකැලේ යන ප්‍රදේශයන්ය.

අයහපත්  තත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ  සියලූ පාසල් අද (2) දිනයේ වසා  තබනු  ලැබීය.

Leave a Reply

Your email address will not be published.