ගෝඨාට ආරක්ෂාවදීම රජයේ වගකීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ශ්‍රී ලාංකික පුරවැසියකු හේතුවෙන් ඔහුට මෙරටට පැමිණීමට අයිතියක් සහ හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙරටට පැමිණෙනු ඇතැයිද කාරියවසම් මහතා විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය කිරීමට කැමතිනම් පිළිගැනීමට සූදානම් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.