රත්මලානේ වෙඩි තැබීමට අයෙක් මාට්ටු


රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවසට කඩා වැදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයකු  පිස්තෝලයක් ,මත්කුඩු තොගයක් සහ තවත් උපකරණ රැසක් සමඟ පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන පැට්ටා නමැත්තා ගේ ගෝලයකු බව පොලිසිය කියයි.

ගිනි අවියට අමතරව මෝටර් රථයක් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා හොරයින් මත්කුඩු ග්‍රෑම් 503 ක්,වාහන හයක ඉදිරිපස හා පිටුපස අංක තහඩු හයක්. මත්කුඩු එතීමට යොදා ගන්නා රැපින් පේපර් විශාල ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත.

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසළ නිවසකට ඉකුත් 27 වැනි දින  කඩා වැදී නිවසේ හිමිකරු වන චරිත් උමයංගා සිල්වා නමැති දෙදරු පියා ඝාතනය කිරීමට උපදෙස් ලබාදී ඇත්තේ ඩුබායි රටේ සැඟව සිටින පැට්ටා බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published.