ටින් පලා ගොස් සිටින පාතාල අපරාධකරුවන් නැවත සක්රීය වෙමින් ඉකුත් මැයි 31 වැනිදා සිට ජුලි 31 දක්වා කාලය තුළ පමණක් එල්ල කළ වෙඩි තැබීම් 22කින් 20 දෙනකු මරුමුවට පත්ව ඇත.
මැයි 31 වැනිදා බැස්ටියන් මාවතේදී මහා දවාලයේ ටී 56 අවියකින් බස් නැවතුම් පොලේ රැදී සිටි කමාන්ඩෝ බළකායේ හිටපු සෙබළ පිරිසක් එල්ලකරමින් පාතාලයේ මෑතක නැගිටීම සිදුවිය. එහිදී එක් සෙබලෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලැබූහ. එම වෙඩි තැබීමත් සමඟ පාතාලයේ වෙඩි තැබීම් 22ක් සිදුව ඇති අතර එම වෙඩි තැබීම් සිදුව ඇත්තේ බස්නාහිර පළාත තුළ 16ක් සහ දකුණු පළාත තුළ 06 ක් ලෙසිනි. වැඩිම වෙඩි තැබීම් ගණනක් සහ ඝාතන ගණනක් සිදුව ඇත්තේ කොළඹ දිස්ත්රික්ය තුළය. පාතාලයේ වෙඩි තැබීම් 10ක් සිදුව ඇති අතර 08 දෙනකු මිය ගොස් ඇත. බස්නාහිර පළාත තුළ වෙඩි තැබීම්වලින් මිය ගොස් ඇති ගණණ 14ක් වන අතර ඒ කොළඹ 08ක් ගම්පහ 04ක් සහ කළුතර 2ක් වශයෙනි. දකුණු පළාත තුළ සිදුව ඇති පාතාලයේ වෙඩි තැබීම්වලින් ඝාතනය වී ඇති ගණන 06කි. ඒ ගාල්ල දිස්ත්රික්කයෙන් 05ක් සහ හම්බන්තොට දිස්ත්රික්කයෙන් 01ක් වශයෙනි.
කොළඹ බැසිටියන් මාවත, අලුත්ගම, පාණදුර, අහංගම, තංගල්ල, මෝදර, වත්තල, පෑලියගොඩ, මොරටුව, රත්මලාන, අම්බලන්ගොඩ, ගම්පහ, රත්ගම, කොටහේන, වැල්ලම්පිටිය යන පොලිස් වසම්වල මෙම ඝාතන සිදුව තිබේ.