නාගරික සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නිමේෂ් හේරත් මහතා පත් කරනු ලැබ සිටී.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම  පත් කිරීම සිදු කර ඇත.

තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂ ගෞරව උපාධිධරයකු වන නිමේෂ් හේරත් මහතා මීට පෙර සංචාරක මණ්ඩලයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published.