කාලගුණය පීඩාවට පත්කළ ජනතාවට නාවික හමුදා සහය

අධික වැසි හේතුවෙන් ගංඟා පිටාර මට්ටමට පැමිණීමෙන් ඇතිවිය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් අද (2) පෙරවරුවේ සිට සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසයි.

අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ගංවතුර තත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් අනුව බටහිර නාවික විධානය මඟින් සහන කණ්ඩායම් 27 ක් ද, දකුණු නාවික විධානය මඟින් සහන කණ්ඩායම් 8 ද, වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 13 ක ද,  සූදානමින් සිටින බවත් හදිසි ගංවතුර තත්වයකදී සහන සැලසීම සඳහා බටහිර නාවික විධානය මඟින් රත්නපුර නව නගරයේ සහන කණ්ඩායම් 2 ක් ද, සන්ද්‍යාවේදි බටහිර නාවික විධානය මඟින් තවත් සහන කණ්ඩායමක් රත්නපුර මුවගම ප්‍රදේශයට ද, යොමු කළ බවත් නාවික හමුදාව කියයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පරිදි ස්ථානගත කිරිම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මෙලෙස නාවික හමුදාව සූදානම් කර ඇති බව ද නාවික හමුදාව වැඩි දුරටත් කීය. 

Leave a Reply

Your email address will not be published.