නුවර පළමු කුඹල් පෙරහර අද

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (අගෝ: 2) පස්වරු 06.01ට එළඹෙන සුබ නැකැතින් ආරම්භ වේ.

පළමු කුඹල් පෙරහර නිරිත දිසාමුඛව ආරම්භ කර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය හා රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවැදීමට නියමිත ය.

දින දහයක් තිස්සේ මහනුවර නගරයේ වීදි සංචාරය කරන ඇසළ පෙරහර මංගල්‍යය මේ මස 12 දින දවල් පෙරහරින් අවසන් වීමට නියමිත ය.

මේ අතර මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි සිවු මහා දේවාල අභ්‍යන්තර පෙරහර ඊයේ (අගෝ: 1) දින රාත්‍රියෙන් අවසන් විය.

Leave a Reply

Your email address will not be published.