මහවැස්සෙන් 11,821 ක් පීඩාවට: 4 ක් මරුට

තද වැසි හා සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතකට බල පෑ ජල ගැලීම් ඇතුළු ආපදා තත්වය හේතුවෙන් සිවු දෙනකු මියගොස්, පවුල් 2,911 කට අයත් 11,821 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගංවතුරට හසුවීමෙන් තිදෙනකු සහ නායයෑමකින් එක් අයකු මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු අතුරුදන්ව සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

පීඩාවට පත්වූවන් අතරින් අවතැන් වූ පවුල් 481 කට අයත් 2,218 දෙනකු ආරක්‍ෂිත ස්ථාන 15 ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මෙම ආපදා තත්වයේ බලපෑමෙන් නිවාස 257 කට අර්ධ හානි සිදුව ඇති අතර එක් නිවසක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.