රට හදන්න මහින්දගේ අත්දැකීම් ද ඕනෑ

රට ගොඩ නැඟීමෙි ගමනට පොදුජන පෙරමුණේ   නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අත්දැකීම් ද ලබාගත යුතු බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ජනාධිපති රටේ සියලුදෙනාගේ සහයෝගය මත කටයුතු කරන අතර මේ පක්ෂවල සිටින  ජ්‍යෙෂ්ඨ  අයගේ අත්දැකීම් අවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු පක්ෂවල දැනීම තියෙන අය එකතු වී සහයෝගය දීම රට දිනවීමේ වැඩපිළිවෙලට අවශ්‍ය බවද මහින්ද අමරවීර මහතා කීය.

කළ යුත්තේ ආණ්ඩු වට්ටලා, රට විනාශ කර බලය ලබා ගැනීම නොව සර්ව පාක්ෂික රජයට එක්වී රට දිනවීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.