වැලිකඩ පොල්දූව හන්දිය අසල ඉකුත් මස නම වෙනි දින පැවති කලහ කාරී සිදුවීම් අතරතුරදී කඳුළුගෑස් උන්ඩ කොල්ල කෑ පුද්ගලයකු රාජගිරිය ඔබේසේකර පුර අරුණෝදය මාවතේදී එම උණ්ඩ 2 ක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
එදින පැවති කලහාකාරී සිදුවීම් මැඬලීම සඳහා මහජන සාමය කළමණාකරන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථයකින් කඳුළු ගෑස් වායු උණ්ඩ සහ කඳුළු බෝම්බ රැගෙන එන අවස්ථාවේ දී පිරිසක් එම නිලධාරීන්ට පහරදී මෙම කඳුළු ගෑස් උණ්ඩ සහ බෝම්බ කොල්ල කා තිබිණි
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක පුද්ගලයෙකි
සැකකරු අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත