ක්‍රීඩිකාවක් සහ ඇගේ පුහුණුකරු අතුරුදන්

ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායමේ ක්‍රීඩිකාවක සහ ඇයගේ පුහුණුකරු මෙලෙස අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ඔවුන්ගේ අතුරුදන්වීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය වහා ම අදාළ බලධාරීන් දැනුවත් කර ඇති අතර බර්මින්හැම් මෙට්‍රොපොලිටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී මේජර් ජෙනරල් (විශ්‍රාමික) දම්පත් ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරියේදී මෙවැනි සිදුවීම් නොවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ ගමන් බලපත්‍ර තමන් සන්තකයේ රඳවා ගැනීමට තීරණය කළ බව ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සාමාජිකයින් 110 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ නිලධාරීන් 51 දෙනෙක් සහභාගි වී සිටිති.

ඒ අතර ජූඩෝ කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙක් ද වෙති.

Leave a Reply

Your email address will not be published.