සිසුන් 7000කට වැඩි පිරිසකට විද්‍යා පීඨ වරම්

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට මෙවර සිසුන් අටදහසකට ආසන්න කණ්ඩායක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) ලලිතා එගොඩවෙල මහත්මිය සඳහන් කළාය. අ.පො.ස. උසස් පෙළ 2019 සහ 2020 විභාග ප්‍රතිඵල මත ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා සිසුන් කණඩායම් දෙකක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගත් බවත්, සිසුන් අට දහසකට ආසන්න ප්‍රමාණයක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බවත් මේ සම්බන්ධයෙන් දිනමිණ කළ විමසුමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාසල් කටයුතු ලලිතා එගොඩවෙල මහත්මිය සඳහන් කළාය.

2016 සහ 2017 වසරවල උසස් පෙළ විභාගවලට පෙනී සිටි සිසුන් කණඩායම් දෙකක් ද මීට පෙර එකවර බඳවා ගැනීමට පියවර ගනු ලැබිණි.

Leave a Reply

Your email address will not be published.