අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලට පැන්න සැකකරුවන් අල්ලන්න මහජන සහය පතයි

කොළඹ 07 මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාාර්යාලයට ඉකුත් (13) දින කඩා වැදී එහි දේපළ වලට අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් හදුනාගෙන ඇති සැකකරුවන් කිහිපදෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

සිද්ධියේ නිවැරදි අපරාධකරුවන් හඳුනාගනිමින් අවශ්‍ය නෛතික පියවර ගැනීම සදහා පොලිස් මුලස්ථානය මෙම පුද්ගලයන් ගේ ඡායාරූප රැසක් ඡායාරූප අද (3) මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සිදුවීමට අදාල සමීප ආවේක්ෂණ දර්ශන වීඩියෝ දර්ශන ඇසුරින් මෙම ප්‍රධාන ක්‍රියාකාරීන් අනන්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි.

අරගලයට සහය දක්වමින් ඉකුත් 13 පෙරවරුවේ පිරිස් ,අග්‍රාමාත්‍ය කාර්යාල, සිය ග්‍රහනය නතු කරගෙන තබුණි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කළ මෙම ඡායාරූප වල සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718594950, 0718594901, 0718594924, 0112422176 යන අංක ඔස්සේ උය්එි ්චච මගින් හෝ ඇමැතුම් මගින් දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනයාගෙන් ඉල්ලා සිටියි

Leave a Reply

Your email address will not be published.