අපනයනවලින් ලැබෙන ඩොලර් රුපියල් කිරීම ප්‍රායෝගික නෑ

අපනයනවලින් ලැබෙන ඩොලර් ආදායම සම්පූර්ණයෙන්ම රුපියල් බවට පරිවර්තනය කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා කරන යෝජනව ප්‍රායෝගික නොවන පදනම් විරහිත ප්‍රකාශයක් යැයි අපනයනකරුවෝ පවසති.

මෙරට බැංකු පද්ධතියෙන් ණයවර ලිපි නිකුත් නොකිරීම සහ ඩොලර් නිකුත් නොකිරීම නිසා අපනයන සමාගම්වලට ඩොලර් යම් ප්‍රමාණයක් විදේශ බැංකුවක රඳවා ගැනීමට සිදුවන බව ද ඔවුහු කියති.

එසේ නොකළහොත් අපනයන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයටත්, විදේශ ආයතනවලින් ලබාගත් ණය වාරික ගෙවීමටත් නොහැකි වන බවද අපනයනකරුවෝ පෙන්වා දෙති.

අපනයන සමාගම් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති හා පර්යේෂණ සඳහා ද යම් ඩොලර් ප්‍රතිශතයක් තබාගැනීමට අවශ්‍ය බවද අපනයනකරුවෝ කියති. 

මහ බැංකු අධිපතිවරයාගේ යෝජනාව රත්තරන් බිත්තර ලබාගැනීමට කිකිළියට වෙඩි තැබීමක් බඳු යැයි ඔවුහු පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published.