UAE ජනපතිගෙන් ජනපති රනිල්ට සුබ පැතුම්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ජනාධිපති ෂීක් මොහොමඩ් බිංග් සයිඩ් අල් නයාන් මහතා (Sheikh Mohamed bin Zayed Al Nahyan)ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් දී ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීම පිළිබඳව සුබපැතුම් පළ කර තිබේ.

ශ්‍රී ලංකාව ස්ථාවරත්වය සහ සාමය කරා ගෙනයාමට සහ මේවන විට  මුහුණ දෙන තත්ත්වයන් මඟහරවා ගැනීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කළ බව WAM පුවත් සේවය වාර්තා කරයි.

මෙම දුරකථන ඇමතුමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සහ ජනාධිපති වික්‍රමසිංහ මහතා අතර මිත්‍ර රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා සහ ඒවා වැඩිදියුණු කිරීමේ ක්‍රම මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය ගැටලු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළ බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.