ගම්පහ මහ රෝහලේ කොරෝනා දැඩි සත්කාර ඒකකයක් යළිත් අරඹයි

කොරෝනා රෝග තත්ත්වය යළිත් ව්‍යාප්ත වන බවක් පෙනී යාම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම පිනිස දැඩි සත්කාර ඒකකයක් ආරම්භ කිරීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය. 

මෙම ඒකකය ඇදන්  14 කින් සමන්විත වන අතර මේ දිනවල ආසාදිත තත්ත්වයෙන් පසුවන ගැබිණි මව්වරුන් තිදෙනෙකු ඇතුලු සිව් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ අතර කොරෝනා රෝග වෛරස මර්ධන එන්නත ලබා ගැනීමට උනන්දුවන ලෙසට රෝහල් අධ්‍යක්ෂවරයා ජනතාව වෙත දැනුම් දීමක් කර සිටින අතර එන්නත්කරණය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශය අසල එන්නත් කාමරයේදී ලබාදීම සිදු සිදු කෙරෙන බවත් මෙහිදී ෆයිසර් වර්ගයේ එන්නත වයස අවුරුදු 12 ට වැඩි ඕනෑම අයෙකුට සිව් වෙනි මාත්‍රාව දක්වා වන එන්නත්  සතියේ දින පහ තුල පෙරවරු 8 සිට සවස 4  දක්වා සිදු කෙරෙන බවද කීය. 

Leave a Reply

Your email address will not be published.