ගාලු මුදොර කූඩාරම් ඉවත් කර ගනී

ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින, අරගලකරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය කර තිබු නිවේදනය අනුව අරගලකරුවන් එහි කුඩාරම් කිහිපයක් ඉවත් කරගෙන ඇත.

මෙම කූඩාරම් ඉවත් කිරීම ඊයේ රාත්‍රියේ සහ අද  සිදුකර ඇති අතර, අද දහවල් කාලයේ ද පිරිසක් එහි කූඩායරම් ඉවත් කරමින් සිටියහ.

මේ අතර අරගල භූමියේ මේ දක්වා ප්‍රථමාධාර ලබ දීම සදහා රැදී සිටි සාන්ත ජෝන් ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලයද අද දහවල් එම භූමියෙන් ඉවත් වී ඇත.

Leave a Reply

Your email address will not be published.